පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය තහනම් – ඉන්දියාවෙන් දැඩි තීරණයක්

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ අර්බුදය මධ්‍යයේ පාකිස්ථානයේ සියලුම ආනයන තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.

“පාකිස්ථානයෙන් ආරම්භ වන හෝ අපනයනය කරන සියලුම භාණ්ඩ, නිදහසේ ආනයනය කළ හැකි හෝ වෙනත් ආකාරයකින් අවසර දී නොමැති වුවද, සෘජු හෝ වක්‍ර ආනයනය හෝ ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබේ. ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ අවශ්‍යතා සඳහා මෙම සීමාව පනවා ඇත. මෙම තහනමට ඕනෑම ව්‍යතිරේකයක් සඳහා ඉන්දීය රජයේ පූර්ව අනුමැතිය අවශ්‍යවේ.” යනුවෙන් ඉන්දීය වාණිජ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

පාකිස්ථානයෙන් ඉන්දියාවට ආනයනය කරන භාණ්ඩ අතර, ප්‍රධාන වශයෙන් ඖෂධ නිෂ්පාදන, පළතුරු සහ තෙල් බීජ ඇතුළත් වනවා.

මීට අමතරව පාකිස්ථාන ධජ සහිත නැව් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුවීම ද තහනම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර කිලෝමීටර 450ක දුරක ඇති ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කළ හැකි බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව පාකිස්ථානය පවසනවා.

අබ්දාලි අවි පද්ධතිය ලෙස හැඳින්වෙන මෙම මිසයිලය INDUS අභ්‍යාසයේ කොටසක් ලෙස අත්හදාබැලූ බවයි ඉස්ලාමාබාදය පැවසුවේ.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමඟ ඉහළ යන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ පාකිස්ථානයේ මෙම මිසයිල අත්හදා බැලීම සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14