පාකිස්තාන වැසියෙක් ඉන්දියාවට හොරෙන් රිංගන්න හදලා

පන්ජාබ් – ගුර්දාස්පූර් අසල දී ඉන්දියාවට ඇතුල් වීමට උත්සාහ කළ පාකිස්තාන ජාතිකයෙකු ප්‍රාන්ත පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

හුස්නේන් නමින් හඳුන්වන මෙම සැකකාර පුද්ගලයා අනවසරයෙන් ඉන්දියානු දේශ සීමා වෙත පිවිසීමටයි උත්සාහ කර ඇත්තේ.

ඔහු සතුව පාකිස්තානයේ ජාතික හැඳුනුම්පත තිබියදී සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

සැකකරු 24 හැවිරිදි පුද්ගලයෙක් බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් ජම්මු – කාශ්මීර දේශපාලනික අර්බුදය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය අතර දැඩි විරසකයක් නිර්මාණය වී පවතිනවා.

එවන් වටපිටාවකදියි මෙම පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එරට ප්‍රාන්ත පොලිසිය පවසන පරිදි සැකකරු මානසික රෝගියෙකු බවත් නීතිවිරෝධී ලෙස ඉන්දියානු දේශසීමා ආසන්නයේ සැරිසරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී හිතවත්කමක් පිළිබඳව හෝ වාර්තා වී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?