පාකිස්තාන අගවිනිසුරුට මරණ තර්ජන

සුළුතර අහමඩි ප්‍රජාවට ඔහු සහාය දුන් බව කියන චෝදනාව මත අගවිනිසුරුවරයා ඝාතනය කිරීමට නියෝග කළ රැඩිකල් ඉස්ලාමීය පක්ෂයක නියෝජ්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගත් බව පාකිස්තාන පොලිසිය පවසනවා.

ටෙහ්රීක්-ඊ-ලබයික්හි නියෝජ්‍ය ප්‍රධානී සහීරුල් හසන් ෂා අත්අඩංගුවට ගනු ලැබුවේ, පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කාසි ෆාස් එසාගේ හිස ගසා දමන ඕනෑම අයෙකුට පෞද්ගලිකව පාකිස්තාන රුපියල් මිලියන 10ක් (ඩොලර් 36,000) ලබා දෙන බවට ඔහුගේ ආධාරකරුවන් හමුවේ ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් දිනකට පසුවයි.

අහමදි දේව අපහාස සැකකරුවෙකුට ඇප ලබා දීමෙන් පසු එසා පාකිස්තානයේ අන්තවාදීන්ගේ විවේචනයට ලක් වුණා.

නැඟෙනහිර පන්ජාබ් පළාතේ ඔකාරා නගරයේදී අත්අඩංගුවට ගත් ෂා ට එරෙහිව ඒසා මරා දමන බවට තර්ජනය කිරීම සහ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති බව පොලිසිය පවසනවා.

ෂාගේ පක්ෂය මරණීය දණ්ඩනය පැනවිය හැකි පකිස්ථානයේ දැඩි දේව අපහාස නීතිවල යම් වෙනසක් කිරීමට එරෙහි ප්‍රචණ්ඩ විරෝධතා පිටුපස සිටින ප්‍රබලතම බලවේගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21