පාකිස්තානයේ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

පාකිස්තානයේ කූරාම් හි පාරාචිනාර් සිට පෙෂාවර් බලා පැමිණෙමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙක් මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඝාතන සිද්ධි වාර්තා වීමත් සමග පාරාචිනාර් ගම්මානයේ විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මියගිය පුද්ගලයෙන්ගේ සිරුර ඥාතීන්ට භාර දුන් බව කුරාම් බලධාරීන් පැවසුවා.

මියගිය පිරිස සිය විදෙස් ගමන් බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා පෙෂාවර් බලා ගමන් කරමින් සිට ඇතැයි ඥාතීන් ජනමාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමට විරෝධය පළ කරමින් නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?