ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම මට තිබුණා. දැනුයි මට ඒවගේ බරපතලකම දැනෙන්නේ.

ධනුක දිල්ෂාන් කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
ඔහුගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට ධනුක මේ විදිහට කියලා තිබුණා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?
විශේෂයක් නැහැ. සාමාන්‍ය විදියට ගත කරනවා.

ජනප්‍රිය නිර්මාණ කලාත්මක නැහැ. කලාත්මක නිර්මාණ ජනප්‍රිය නැහැ කියලා කතාවක් තියෙනවා. ඔබ එයට එකඟද?
ජනප්‍රිය හා කලාත්මක කියන අංශයන් මඳකට පසෙකින් තැබුවහොත්, නිර්මාණයක් තුළින් නිර්මාණ ශිල්පියා කළ යුත්තේ ආදර්ශවත් තේමාවන් සමාජගත කිරීමයි. එවන් කාලීන හෝ වෙනත් ආදර්ශයක් සමාජයට එක් කිරීම තුළ එය ජනප්‍රියද කලාත්මකද යන්න අදාළ වෙන්නේ නැහැ. එකී කුමන හෝ නිර්මාණයක් තුළින් සමාජ ශෝධනයට අංශුවකින් හෝ දායක වීමයි අපගේ වගකීම.

ඔබ කාලයකදී කලාවෙන් අතුරුදන් වෙන්නේ කුමක් හෝ හේතුවක් නිසාද?
මං ගොඩක් සරල පුද්ගලයෙක්. මට හම්බකරන්න රේස් එකක් නැහැ. මං එකී කාලය තුළ රංගනය ගැන ඉගෙන ගත්තා. රඟපෑම මගේ වෘත්තිය වුණත්, එහි ඇලී ගැලී සිට ප්‍රයෝජන ගන්න මට කිසිම ආසාවක් නැහැ. හොඳ නිර්මාණයකට දායක වන තෙක් මම නිහඬව බලා සිටියා.

එසේ ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වීම තුළ ජනප්‍රියත්වයට බාධාවක් ඇති වුණේ නැද්ද?
මම ජනප්‍රියත්වය වෙනුවෙන් පෙනී සිටින කෙනෙකු නොවෙයි. කොන්ද කෙළින් තියාගෙන මං දායක වූ නිර්මාණය කාට හෝ පෙන්විය හැකි නම් මා ජයග්‍රහණය කර තිබෙන්නේ එතැනයි. රංගන ශිල්පියෙක් වූ මුල් අවධියේදී ජනප්‍රියත්වය හඹා ගියත්, මේ වන විට නිර්මාණයේ ගුණාත්මක බව පිළිබඳවයි මම වැඩි අවධානයක් යොමු කරන්නේ.

ඔබ ව්‍යංගයෙන් කියන්නේ මල් කතාවලින් බැහැරව යථාර්ථවාදී චරිත පමණක් නිරූපණය කිරීමට යොමු වෙනවා කියලද?
මම හැදෑරූ කලාව තුළ අන්තර්ගත වන්නේ යථාර්ථවාදී චරිතයි. නමුත් මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ මල් කතා හා ගීත රචනා තුළිනුයි. නමුත් එකී නිර්මාණවලත් මගේ දක්ෂතාවයේ උපරිමය පෙන්නුම් කිරීමට මම මහන්සි වුණා. යම් නිර්මාණයක් කොටස් ලෙස වෙන් කරන්නේ සමාජය විසිනුයි.

කලා ක්‍ෂේත්‍රය තුළ තමන්ගේ වටිනාකම තක්සේරු කර ගන්නේ කොහොමද?
යම් කෙනෙකු ප්‍රථමයෙන් ක්‍ෂේත්‍රයට පිවිසෙන විට කෙනෙකු නිර්ණය කරන වටිනාකමකට අපට යටත් වීමට සිදු වෙනවා. ඉන් පසුව ක්‍ෂේත්‍රයේ වපසරිය පිළිබඳ ලබන අවබෝධය හා හැදෑරීම තුළ අපට අපගේ වටිනාකම නිර්ණය කරගත හැකියි. යම් කෙනෙකු අපගේ මුදල අඩු කරන්න කරන්න යැයි ඉල්ලීමක් කරනවා නම් එයින් පෙන්නුම් කරන්නේ අප ගත් ස්වයං තක්සේරුව නිවැරදි නොවන බවයි.

චරිතාංග බව රංගන ශිල්පියෙකුගේ වෘත්තිමය ජීවිතයට එක් කර ගැනීමට කළ යුතු ව්‍යායාම් මොනවාද?
රංගන ශිල්පීන්ට ඕනෑම අභියෝගයක් භාර ගැනීමට විශ්වාසයක් ගොඩනැඟෙන්නේ හැදෑරීම තුළයි. ඒ නිසා චරිතාංග බව නිවැරැදිව හැදෑරීම ලෙස මම අර්ථකථනය කරන්න කැමැතියි.

ඔබ රංගනය හැදෑරූ කෙනෙක්ද?
මම කුඩා කාලයේ පටන්ම ලුම්බිණි රඟහලේ රංගනය හැදෑරීමක් කළා. ඒ වගේම වේදිකා නාට්‍ය තුළින් මම එහි අභ්‍යාස කළා. ඉන් පසු මුතුහර වගේම රාජ්‍ය නාට්‍ය උළෙලවල්වලට සහභාගි වුණා. එසේ විධිමත් අධ්‍යාපනය ලබන අතරතුර ලෝකය හා සමාජයේ සිදුවන සිදුවීම් පිළිබඳ විමර්ශනශීලීව ග්‍රහණය කර ගැනීම තුළ රංගනය අවිධිමත් ලෙසත් හැදෑරීමක් කළා.

බොහෝ දෙනෙක් වේදිකාවෙන් පන්නරය ලැබුවත්, ක්‍ෂේත්‍රය තුළ ස්ථාවර වූ පසු එය අමතක කරනවා. ඔබ එකී තත්ත්වය දකින්නේ කොහොමද?
එය සාමාන්‍ය දෙයක්. කුමන ක්‍ෂේත්‍රයක වුණත් මුල අමතක කිරීමේ තත්ත්වය හරිම පොදුයි. ඒ තණ්හාව සමඟ පැනනඟින දෙයක්. එය වෙනස් වන දෙයක් හෝ වෙනස් කළ හැක්කක් නොවෙයි.

ආදරය ගැන මොකද හිතෙන්නේ?
වර්තමානයේ ආදරය සිල්ලර වුණත්, එය ඉතා සුන්දර දෙයක්. එකී පිවිතුරු හැඟීම කැබලි කරලා විකුණන්න පුළුවන් දෙයක් නෙමෙයි.

එවැනි සුන්දර ආදරයක් ඔබ දැනුත් විඳිනවද?
මම කසාද බඳින්න ඕනේ කියලා අම්මට කිව්වේ 11 වසරෙදියි. ඉන් පසුව ප්‍රේම සබඳතා කිහිපයක්ම තිබුණා. එහි වගකීම වගේම බරපතළකම දැන් මට හොඳට තේරෙනවා.

ඔබ සියුම්ව ප්‍රශ්නෙන් පිට පැන්නා නේද?
නැහැ. මම පෙම්වතෙක් නෙමෙයි. මම ආදරය කළ හැම පෙම්වතියක්ම දැන් විවාහකයි. නුදුරේදීම අපේ පවුලේ හැමෝම විදේශ ගත වේවි. ඔවුන් සමඟ සතුටින් ජීවත් වීමයි මගේ එකම බලාපොරොත්තුව.

ඒ කියන්නේ ඉදිරියේදී ඔබව ක්‍ෂේත්‍රයේදී දකින්න ලැබෙන්නේ නැද්ද?
නැහැ. මම විටින් විට ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
අනාගතය ගැන බලාපොරොත්තු නැහැ. මම ජීවත් වන්නේ මේ මොහොත තුළ පමණයි.

විශ්මි ජයනිකා
උපුටා ගැනීම “මව්බිම” පුවත්පතේ “හදගැස්ම” අතිරේකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23