ප්‍රවීණ නළු කමල් අද්දරාරච්චිගෙන් කාරුණික ආයාචනයක්

මෙරට ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරාරච්චි විසින් සිය සහෘද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

සිය මුහුණුපොත හරහා සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ, තම නිවසේ සුරතලට ඇති කරන සුනඛ සුරතලා අතුරුදන් වී ඇති බවයි.

මෙම සත්ත්වයා ඊයේ (17) සවස තුනට පමණ සිය නිවස පිහිටා ඇති පිටකෝට්ටේ – බැද්දගාන ප්‍රදේශයෙන් නිදැල්ලේ පිටව ගොස් ඇති අතර, ඉන්පසු තම සුරතල් සුනඛයා යළි නිවසට නොආ බව ද හෙතෙම තැබූ සටහනේ ඇතුළත්.

තමන් මෙන්ම පවුලේ පිරිස ද එම සත්ත්වයාට ආමන්ත්‍රණය කරනුයේ, ‘ටෙරී’ යන නමින් වන අතර, මෙම සුරතල් සුනඛයා ඉතාමත් හීලෑ වූ, කා සමග වුවත් මිත්‍රශීලී වන, හොඳින් වැඩුණු ලා දුඹුරු පැහැති සමක් සහිත ලැබ්‍රොඩෝර් වර්ගයේ සත්ත්වයෙකු ද බව හෙතෙම පවසනවා.

මේ වනවිට වයස අවුරුදු 4ක් පමණ වන මෙම සත්ත්වයාව සුරතලයට හදාවඩාගන්නා හෙයින් කිසිදිනෙක කූඩු කර ඇති නොකරන බවයි ඔහු ඉතාමත් සංවේදීව කියා සිටින්නේ.

තම සුරතලා මේ වනවිටත් කවුරුන් හෝ සන්තකයේ රඳවා ගෙන ඇත්නම්, මෙම ප්‍රවීණ රංගන ශිල්පියා විසින් ඔහුගෙන් හෝ ඇයගෙන් කාරුණික ඉල්ලීමක් ද සිය සුරතලා වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

‘ටෙරී’ නමැති තම සුරතලාව කිසිදිනෙක කූඩු කර හදාවඩා නොගන්නා ලෙසත්, නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහුගේ කාරුණික ඉල්ලීමයි.

කෙසේවෙතත්, තම සුරතල් සුනඛයා ගැන යම්කිසි තොරතුරක් වේ නම්, හැකි ඉක්මනින් තමා වෙත දුරකතන ඇමතුමක් ලබාදීමට කාරුණික වන ලෙසයි ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරාරච්චි සිය මුහුණුපොත හරහා තැබූ සංවේදී සටහනේ සඳහන් කර ඇත්තේ.

තම ‘ ටෙරී’ ගැන යම් තොරතුරක් වෙතොත්, 0767765614 යන දුරකතන අංකය වෙත අමතා දැනුම්දෙන ලෙස ද හෙතෙම කාරුණිකව ආයාචනය කර සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08