ප්ලේන්ටියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට

ප්ලේන්ටියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මේ බව කියා සිටියේ කොළඹ අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ 10% ප්‍රමාණයකින් මෙම මිල අඩුකිරීම සිදුකරන බවයි.

මේ වනවිට කුකුළු මස්, තිරිඟු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩු වී ඇති බැවින් ඒවායේ සහන පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?