ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා අද (12) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැමිණ තිබුණා.

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර, ඒ හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72ක මුදලක් පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර හිටපු අමාත්‍යවරයා අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?