ප්‍රවීණ සංගීතඥ ක්වින්සි ජෝන්ස් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකාවෙන් බිහි වූ ප්‍රවීණ මෙන් ම ජනප්‍රිය ගණයේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ක්වින්සි ඩිලයිට් ජෝන්ස් (Quincy Delight Jones) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ දී ඔහු එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් – බෙල් එයාර්හි අභාවප්‍රාප්ත වී ඇති බවයි ජෝන්ස්ගේ ප්‍රචාරකයෙකු වන ආර්නෝල්ඩ් රොබින්සන් පැවසුවේ.

වර්ෂ 1933 මාර්තු මස 14 වැනි දින ඉපදුණු ජෝන්ස් යනු ලොව බොහෝ දෙනෙකු ආදරය කළ පොප් ලොවේ කිරුළු පැළඳි රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන්ගේ අතිශය ජනප්‍රිය ගීත රැසක සංගීත අධ්‍යක්ෂණය කළ තැනැත්තායි.

අතිශය ප්‍රසිද්ධියට පත් ගීත ගොන්නක් වෙනුවෙන් වාර්තාගත නිෂ්පාදකවරයෙකු ලෙස වාර්තා තැබූ ජෝන්ස් ගීත රචකයෙක් මෙන් ම චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ද නිෂ්පාදනය කළ විශිෂ්ටයෙක්.

70 වසරකට ආසන්න කාලයක් හෙතෙම සංගීතය සිය වෘත්තීය කරගත් අතර ග්‍රැමී සම්මාන 28ක් සහ 19925 දී ග්‍රැමී ලෙජන්ස් සම්මානය ද දිනාගත්තා.

ජෑස් රසිකයින් දේවත්වයෙන් ඇදහූවෙකු ලෙසින් ද ජෝන්ස් හැඳින්විය හැකි වනවා.

ජෝන්ස්ගේ ජනප්‍රිය ගීත අතර ”Banning චිත්‍රපටයේ “The Eyes of Love”සඳහා හොඳම මුල් ගීතය සඳහා වූ ඇකඩමි සම්මානයට නිර්දේශ වුණු පළමු අප්‍රිකානු අමෙරිකානුවා වන්නේ ද ඔහුයි.

ක්වින්සි ජෝන්ස් අභාවප්‍රාප්ත වන විට 91 හැවිරිදි වියෙහි පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08