ප්‍රමුඛ පෙළේ රක්ෂිතයකට ගිනි – රක්ෂිතයේ අනාරක්ෂිත බව නිසා ගින්න නිවන්න කවුරුත් නෑ

බදුල්ල – රන්දෙණිගල ප්‍රධාන මාර්ගයේ රන්දෙණිගල ජලාශයට ඉහළින් පිහිටි විශාල රක්ෂිතයට කිසිවෙකු විසින් ගිනි තබා තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ මෙම ගින්න කිසියම් පුද්ගලයෙකු විසින් තබන්නට ඇතැයි සැක කරන බවටයි වාර්තා වන්නේ.

අද අලුයම වන විටත් ගින්න කඳුවැටිය ඉහළට පැතිර යමින් පැවතුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

රන්දෙණිගල රක්ෂිතය හෙක්ටයාර 42,000ක පමණ භූමි ප්‍රදේශයකින් යුත් මෙරට විශාලතම රක්ෂිත කිහිපයෙන් එකක්.

ගහකොළවලින් මෙන් ම වනඅලි විශාල ප්‍රමාණයක් රක්ෂිතය සිය වාසස්ථානය කරගෙන ජීවත් වනවා.

රන්දෙණිගල, රන්ටැඹේ සහ වික්ටෝරියා ආදි ජලාශ පෝෂණය වන අතු ගංගා රැසක් ද මෙම කඳුවැටියෙන් ආරම්භ වනවා.

රක්ෂිතය තුළ ඇති අනාරක්ෂිත බව නිසා ගින්න නිවා දැමීමටත් කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බවයි පැවසෙන්නේ.

මේ ආකාරයට රක්ෂිතයට විවිධ පිරිස් මෙලෙස වරින් වර ගිනි තබන බවටයි රක්ෂිතය පාමුල පිහිටි ගම්මානවල ජනතාව චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08