ප්‍රමිතියෙන් තොර Immunoglobulin ගෙන් වූ සැකකරු තවදුරටත් රිමාන්ඩ් -රවී කුමුදේෂ්ගෙන් ජනපතිට අභියෝගයක්

ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin) කුප්පි ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධියේ මහ මොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බව නීතිඥ කාලිංග ඉන්දතිස්ස (පො.ස.) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ දන්වා තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ වහාම එම සැකකරුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දතිස්ස ද කියා සිටියේ අධිකරණය කුමක් සිතුවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා බවයි.

ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන නීතිමය රාමුවක සිට නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ මන්දැයි ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස ප්‍රශ්න කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ඔහු නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර මෙම ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීමේ ගනුදෙනුවේ මහ මොළකරු කැබිනට්ටුවේ සිටින බව ප්‍රකාශය සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් ද පවසා තිබෙනවා.

කුමුදේෂ් පවසන්නේ මෙම සිදුවීමේ මහ මොළකරු අත් අඩංගුවට ගැනීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම ඖෂධ මාෆියාව සහ ප්‍රමිතිගතභාවයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය යටගසන්නේ ද, එසේ වුවහොත්, මෙරටට බාල ඖෂධ පැමිණීම ඉදිරියේදී ද සිදු වන බවයි කුමුදේෂ් අවධාරණය කළේ.

ව්‍යාජ WOR සහතිකයක් පෙන්වා තවත් පිළිකා එන්නතක් මෙරටට ගෙනැවිත් ඇති බවත්, එම එන්නත් 2000ක් රෝගීන්ට ලබා දී ඇති බවත් රවී කුමුදේෂ් පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?