ප්‍රමිතියෙන් තොර Immunoglobulin ගෙන් වූ සැකකරු තවදුරටත් රිමාන්ඩ් -රවී කුමුදේෂ්ගෙන් ජනපතිට අභියෝගයක්

ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් (Immunoglobulin) කුප්පි ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධියේ මහ මොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බව නීතිඥ කාලිංග ඉන්දතිස්ස (පො.ස.) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ දන්වා තිබෙනවා.

පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ වහාම එම සැකකරුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දතිස්ස ද කියා සිටියේ අධිකරණය කුමක් සිතුවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා බවයි.

ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන නීතිමය රාමුවක සිට නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ මන්දැයි ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස ප්‍රශ්න කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ඔහු නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර මෙම ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීමේ ගනුදෙනුවේ මහ මොළකරු කැබිනට්ටුවේ සිටින බව ප්‍රකාශය සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් ද පවසා තිබෙනවා.

කුමුදේෂ් පවසන්නේ මෙම සිදුවීමේ මහ මොළකරු අත් අඩංගුවට ගැනීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම ඖෂධ මාෆියාව සහ ප්‍රමිතිගතභාවයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය යටගසන්නේ ද, එසේ වුවහොත්, මෙරටට බාල ඖෂධ පැමිණීම ඉදිරියේදී ද සිදු වන බවයි කුමුදේෂ් අවධාරණය කළේ.

ව්‍යාජ WOR සහතිකයක් පෙන්වා තවත් පිළිකා එන්නතක් මෙරටට ගෙනැවිත් ඇති බවත්, එම එන්නත් 2000ක් රෝගීන්ට ලබා දී ඇති බවත් රවී කුමුදේෂ් පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51