ප්‍රමිතියෙන් තොර ඉන්ධන සොයා රට පුරා මෙහෙයුම්

ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබාගැනීම ආරම්භ කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ උපදේශක සිරිල් සුදුවැල්ල පවසනවා.

ඒ, අනුව දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් අහඹු ලෙස තෝරා ගත් පිරවුම්හල් කිහිපයක මෙලෙස සාම්පල ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් නිකුත් කරන පොම්ප තුනෙන් දෙකකට මුද්‍රා තැබීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (29) කටයුතු කළා.

එම පොම්ප පරික්ෂා කිරීමේ දී අනාවරණය වුණේ ඒවායෙන් නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉන්ධන නිකුත් කරන බවයි.

පෙට්‍රල් ලීටරයකින් සියයට 1.2ක ප්‍රමාණයක් අඩුවෙන් ඉන්ධන නිකුත්කර ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ අතර එය රුපියල් 5.40ක පෙට්‍රල් අඩුවීමක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?