විදෙස් නැවක නාවිකයෙක් හදිසියේ අසනීප වී මෙරටට රැගෙන එයි

චීන ධජය සහිතව දිවයිනට ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙක්හට ඇති වූ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාවයක් වෙනුවෙන් ගොඩබිමට රැගෙන ඒමට (MEDEVAC) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙමං මෙහෙයුම සිදුවූ බව නාවික හමුදාව පවසනවා.

මෙරට සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ කලාපයට ආසන්නව, නාවික සැතපුම් 700ක් පමණ දුරින් මෙම නෞකාව යාත්‍රා කරමින් සිටියදී මෙම හදිසි අවස්ථාව පැන නැගී තිබෙනවා.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත හදිසි ආපදා ඇමතුමක් ලැබී ඇති අතර ඒ අනුව වහාම නාවික හමුදාව ක්‍ෂණිකව ඒ සඳහා ක්‍රියාත්මක වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අදාළ නෞකාව ගාල්ලේ වරාය සීමාව වෙත පැමිණීම සම්බන්ධීකරණය කරන අතරතුර, නාවික හමුදාව විසින් නෞකාවේ කාර්ය මණ්ඩලය වෙත අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කර ඇති අතර එම රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් කඩිනමින් පිටත්කර තිබෙනවා.

ඒ අනුව, අද (27) උදෑසන එම රෝගියා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවට හැකිව ඇති බවයි නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21