ප්‍රබල භූ කම්පනයක් ගැන අනාවැකියක්

නුදුරු අනාගතයේ දී ඉන්දියාවේ විශාල පරිමාණයේ භූමිකම්පාවක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවට එරට ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ (NGRI) ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ අනතුරු අඟවා තිබෙනවා.

ඉන්දියානු භූ තලය වසරකට සෙන්ටිමීටර පහක් පමණ චලනය වන බවත් එමගින් හිමාලය ආශ්‍රිතව උත්තරකාන්ද් ප්‍රාන්තයේ භූමිකම්පාවක් ඇති විය හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

හිමාලය ප්‍රදේශයට බලපෑම් එල්ල කළ හැකි බවට පුරෝකථනය කර ඇති භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 8ක් විය හැකි බවට ද විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා.

විද්‍යාඥයින්ගේ පුරෝකථනය සත්‍ය වුවහොත් එය ශ්‍රී ලංකාවට ද අවධානමක් ගෙන දිය හැකි බවයි ඔවුන්ගේ මතය වන්නේ.

මීට වසර දෙකකට පෙර හිමාලය ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපාංක 5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය ද කොළඹ ප්‍රදේශයට දැනී තිබුණා.

මේ අතර මෙම මස මුල් සතියේ තුර්කියේ සිදුවූ දැවැන්ත භූමිකම්පා දෙකකින් පුද්ගලයන් 41,000කට වැඩි පිරිසක් මිය ගියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ යුරේෂියානු තලය සහ ඉන්දු ඔස්ට්‍රේලියානු භූ තලය ගැටෙන ප්‍රදේශයේ පිහිටා ඇති හිමාලය ආශ්‍රිතව ඕනෑම අවස්ථාවක භූ කම්පනයක් සිදුවිය හැකි බවයි.

කෙසේවෙතත් එමගින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය හැකි වන්නේ අදාළ භූ කම්පනයේ ප්‍රබලත්වය මත බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ඉන්දීය භූ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති ආකාරයට රික්ටර් මාපකයේ ඒකක 8ක පමණ භූ කම්පනයක් සිදුවුව හොත් එය අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවට ද දැනෙන බව අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

මීට වසර 2කට පමණ පෙර හිමාල ප්‍රදේශයේ සිදුවූ කම්පනය කොළඹ ප්‍රදේශයට තදින් දැනී තිබු බව සිහිපත් කළ මහාචාර්යවරයා කියාසිටියේ මෙවර අනාවැකි පළ කර ඇති ආකාරයේ කම්පනයක් සිදුවුව හොත් එය කොළඹට පමණක් නොව යාපනය ද ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැනෙනු ඇති බවයි.

පෘථිවි අභ්‍යන්තරයේ ශක්තිය මුදා හැරීම් සමග සිදුවන මෙවැනි භූ කම්පන දැනෙන විශේෂ තල මායිම් ද පිහිටා තිබෙනවා.

එම තල මායිම් හරහා අදාළ ශක්තිය මුදා හැරීම් පොළොව මතුපිටට පැමිණෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

එම කම්පන කුමන තල මායිමක සිදුවන්නේ ද යන්න තීරණය වන්නේ ශක්ති මුදා හැරීම පෘථිවි පෘෂ්ඨයට කොපමණ දුරකින් සිදුවන්නේ ද යන්න මත බව ඔහු සඳහන් කරනවා.

රික්ටර් මාපකයේ ඒකක 8කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය ඉතා ප්‍රබල එකක් වන අතර එමගින් ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවටයි මතය වන්නේ.

එය මීට වසර 2කට පමණ පෙර උත්තර්කාන්ද් ප්‍රදේශයේ සිදුවූ භූ කම්පනය මෙන් සිය ගුණයක පමණ ප්‍රබලත්වයකින් යුක්ත එකක් වන අතර එමගින් ශ්‍රී ලංකාවට දැනෙන බලපෑම ද සිය ගුණයකින් වැඩි වනු ඇති බව අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

කෙසේවෙතත් එවැනි කම්පනයක් සිදුවනු ඇත්දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර අවධානයෙන් පසුවීම සුදුසු බවයි ඔහු කියාසිටියේ.

පොළොව අභ්‍යන්තරයේ සිදුවන භූ කම්පනවලින් කිසිදු ආකාරයකින් මිනිසුන්ට හානියක් නොවන අතර හානි සිදුවන්නේ ගොඩනැගිලි කඩා වැටීම හමුවේ ඊට යටවීමෙන් බව ඔහු පෙන්වා දෙනවා.

එබැවින් භූ කම්පනයකදී තැනිතලා භූමියකට ගමන් කර ආරක්ෂිතව සිටීම වැදගත් බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?