AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රබල භූකම්පනයක් – රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මේ සමඟ රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළොම්බියාව, නිකරගුවාව, කියුබාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස් යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහා මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජෝර්ජ්ටවුන්, කේමන් දූපත් සිට සැතපුම් 129 ක් නිරිත දෙසින් එරට වේලාවෙන් සෙනසුරාදා සවස 6.23 ට මෙම කම්පනය ඇති වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?