ප්‍රබල ඉන්දීය කණ්ඩායම 20-20 ලෝක කුසලාන කිරුළ රැකගනී

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අද (08) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කරමින්.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20-20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ තුන්වන අවස්ථාව මෙය වන අතර, එම ශූරතාව අඛණ්ඩව ජයග්‍රහණය කළ දෙවන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත නායක ඩැරල් මිචෙල්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 255ක් රැස් කළා.

පන්දු 120ක් තුළ ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 159ක් පමණයි.

ඒ, අනුව 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කරගන්නට ප්‍රබල ඉන්දියාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !