AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රධාන දුම්රිය මාර්ගයක දුම්රියක් පීලි පනියි – බෙරගල මාර්ගයකට ගලකුත් පෙරළෙයි

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රියක මැදිරි කිහිපයක් පීලි පැන තිබෙනවා.

මෙම අනතුරින් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද පස්වරු 3.45 සිට ඇනහිට ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර 112 සැතපුම් කණුව අසල දි මෙම මගී ප්‍රවාහන දුම්රියේ මැදිරි කිහිපයක් පීලි පැන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් ඇති බවයි.

පීලිගත කිරිමේ කටයුතු නිමා වන තෙක් එහි පැමිණි මගීන් එම දුම්රිය පීලිගත කරන තෙක් එහි රැඳී සිටින බවත් වාර්තාවනවා.

මේ අතර කොළඹ – මඩකලපුව (A4) මාර්ගයේ බෙරගල – කොස්ලන්ද කොටසට විශාල ගසක් සමගින් ගලක් කඩා වැටී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ කඳුවල පස් බුරුල් ව තිබීම හේතුවෙන් යළිත් වර්ෂාපතනය ඇදහැලුණු විගස මෙලෙස බුරුල් පස් මතින් ගල් පෙරළී ඒමත් සමග, විශාල ගස් ද උදුරා වැටෙන බවටයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ බෙරගල – කොස්ලන්ද ප්‍රදේශයේ පහළ විහාරගල පන්සල අසල මාර්ගයටයි.

මේ හේතුවෙන් සම්පූර්ණයෙන් ම මාර්ගය අවහිර වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

2 7
3 4
4 8
5 6
6 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?