ප්‍රධාන දුම්රිය මාර්ගයක දුම්රියක් පීලි පනියි – බෙරගල මාර්ගයකට ගලකුත් පෙරළෙයි

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රියක මැදිරි කිහිපයක් පීලි පැන තිබෙනවා.

මෙම අනතුරින් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද පස්වරු 3.45 සිට ඇනහිට ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර 112 සැතපුම් කණුව අසල දි මෙම මගී ප්‍රවාහන දුම්රියේ මැදිරි කිහිපයක් පීලි පැන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් ඇති බවයි.

පීලිගත කිරිමේ කටයුතු නිමා වන තෙක් එහි පැමිණි මගීන් එම දුම්රිය පීලිගත කරන තෙක් එහි රැඳී සිටින බවත් වාර්තාවනවා.

මේ අතර කොළඹ – මඩකලපුව (A4) මාර්ගයේ බෙරගල – කොස්ලන්ද කොටසට විශාල ගසක් සමගින් ගලක් කඩා වැටී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ කඳුවල පස් බුරුල් ව තිබීම හේතුවෙන් යළිත් වර්ෂාපතනය ඇදහැලුණු විගස මෙලෙස බුරුල් පස් මතින් ගල් පෙරළී ඒමත් සමග, විශාල ගස් ද උදුරා වැටෙන බවටයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ බෙරගල – කොස්ලන්ද ප්‍රදේශයේ පහළ විහාරගල පන්සල අසල මාර්ගයටයි.

මේ හේතුවෙන් සම්පූර්ණයෙන් ම මාර්ගය අවහිර වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

2 7
3 4
4 8
5 6
6 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14