ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක්

“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ලෝක බැංකු ආධාර වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ ක්‍රමානුකූල අවදානම අඩු කිරීම, සමාජ ආරක්ෂණ ආයතන බෙදාහැරීම් පද්ධතිය සහ ඉලක්ක ගත කිරීම ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම යන කරුණු සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් විමසා බැලූ බව සඳහන්.

මෙම පූර්ව ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාගල රත්නායක මහතා විසින් පෙන්වා දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් (Richard Walker) යන මහත්වරු ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ ද ඊට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලිසම ගලවලා පෙන්නන්න එපා පොලිස්පතිතුමා
05:31
Video thumbnail
රන්ජන් ඔයාට අ# එනවද..? අනුර ඔයා බ#ලෝ බැඳලා තියාගන්න..මේ පාපිස්සක්..කඩුවෙලට දෙයියන්ගෙම පිහිටයි
04:34
Video thumbnail
රටට මුදල් ගේන එක රනිල්ට ලොකු වැඩක් නෙමෙයි
06:56
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10


?