ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක්

“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ලෝක බැංකු ආධාර වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ ක්‍රමානුකූල අවදානම අඩු කිරීම, සමාජ ආරක්ෂණ ආයතන බෙදාහැරීම් පද්ධතිය සහ ඉලක්ක ගත කිරීම ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම යන කරුණු සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් විමසා බැලූ බව සඳහන්.

මෙම පූර්ව ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාගල රත්නායක මහතා විසින් පෙන්වා දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් (Richard Walker) යන මහත්වරු ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ ද ඊට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46