“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.
ලෝක බැංකු ආධාර වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ ක්‍රමානුකූල අවදානම අඩු කිරීම, සමාජ ආරක්ෂණ ආයතන බෙදාහැරීම් පද්ධතිය සහ ඉලක්ක ගත කිරීම ශක්තිමත් කිරීම, ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරීත්වය වැඩි කිරීම යන කරුණු සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් විමසා බැලූ බව සඳහන්.
මෙම පූර්ව ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාගල රත්නායක මහතා විසින් පෙන්වා දී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් (Richard Walker) යන මහත්වරු ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ ද ඊට එක් වුණා.














DOLLAR MILLION 400 WARIKA 7-8 AWURUDU 2-3K PURA LABUNAMA ARTHIKAYA NEWATHA GODA GANNE KOHOMADHA? EKA KARANNA AMARU DEYAK NOWEYI KARANNA BERI DEYAK. MUN KIYANNE IMF GREEN LIGHT DAMMA KIYANNE LOKAYE ANTHI CREDIT DENA AYA ITA PASSE GREEN LIGHT DANA EKA SURE, EYALAGEN GANNAWA KIYALA. DENATA DOLLOR BILLION 40-50 KA NAYA THIYENAWA. AYE HEMA THANIN MA NAYA GANNAWA DENAWANAM. EWATH ARA GODATA EKATHU WENAWA. DAN EWA GEWANNE KAWUDHA, GANIPU EWATH GEWA GANNA BERIWA? DAN NAYA UGULATA BELLA MULIN MA AHU WELA IWARAYI AYE GODA EMAK NAHE. MUN OLUWA ATHA GAGA NAYA DENAKOTA ANDALA ANDALA NAYA GANNAWA. SAMANAYA APITA ADHALA ANDALA ME NAYA OKKOMA GEWANNA WENAWA MARILA AYE AYE IPADILA HARI.