ප්‍රධාන ආයතන හතරකට මූල්‍ය හා තාක්ෂණික සහාය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (11) පැවැත්වුණා.

නව රජයේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතා හඳුනාගෙන ඊට සහයෝගය පළ කිරීම මෙම හමුවේ අරමුණ යි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය යන ආයතනවලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් විමසා බලා ඒවායේ ප්‍රමුඛතා හඳුනාගෙන ඊට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.

ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් විසින් ගෝලීය වෙනසක් සඳහා සිදු කරනු ලබන මෙම ක්ෂේත්‍ර සංචාරයේ දී සෑම අමාත්‍යාංශයකටම ගොස් වැඩසටහන් සමීපව නිරීක්ෂණය කරමින් වැඩසටහන්වලට සහාය දැක්වීමට මෙහිදී එකඟතාවකට පැමිණියා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ටෝනි බ්ලෙයාර් ආයතනයේ ආසියා පැසිෆික් උපදේශක අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ජලීල් රෂිඩ්, ආසියා පැසිෆික් කාර්ය මණ්ඩලයේ රාජ්‍ය අංශයේ සම්බන්ධතා ප්‍රධානී ඇනා ඒඩ්න්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ) බී.එම්.වී.එස්. බස්නායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජානක ගීකියනගේ , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?