ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට රතු නිවේදන

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසනවා.

අද (22) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 04කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

ඉවත්වීමේ රතු නිවේදන නිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

මහනුවර දිස්ත්‍රික්කයේ – උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කයේ – කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මාතලේ දිස්ත්‍රික්කයේ – ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්‍රික්කයේ – රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මේ අතර දිස්ත්‍රික්ක 06කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

අවදානයෙන් සිටින ලෙසට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්.

බදුල්ල දිස්ත්‍රික්කයේ – හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ගාල්ල දිස්ත්‍රික්කයේ – නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කයේ – මැදදුම්බර, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මොණරාගල දිස්ත්‍රික්කයේ – බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ – නිල්දණ්ඩාහින්න, වලපනේ, නෝවුඩ්, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්‍රික්කයේ – කිරිඇල්ල, කලවාන අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

එමෙන්ම දිස්ත්‍රික්ක 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23කට අදියර 01 යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ – මීගහකිවුල, කන්දේකැටිය, හපුතලේ, පස්සර, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
හම්බන්තොට දිස්ත්‍රික්කයේ – වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කයේ – උඩපළාත, උඩුනුවර, පාතදුම්බර, පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
කෑගල්ල දිස්ත්‍රික්කයේ – දැරණියගල, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
කුරුණෑගල දිස්ත්‍රික්කයේ – මල්ලවපිටිය, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
මොණරාගල දිස්ත්‍රික්කයේ – වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ – මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්‍රික්කයේ – කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ, කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08