AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක් – වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, හේතුවෙන් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවලට අනුව අද (17) පෙරවරු 9.00 සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ නිවේදනයට අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් කුඩා ගඟ හා මඟුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ගයන් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් තිබෙන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක පහක් සඳහා පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ගාල්ල, කළුතර, මාතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

Flood Warning 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
5
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?