ප්‍රථමවරට බෝවතැන්න ජලාශයේ වාන් දොරටුවලින් තප්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක්

බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග තප්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක් අඹන් ගඟට මුදා හැරෙමින් පවතිනවා.

මෙලෙස තත්පරයට ඝන අඩි 28000ක ජල ධාරිතාවක් එම ජලාශයේ වාන් දොරටු මඟින් මුදා හරිනුයේ ඉතිහාසයේ පළමු වතවට බවයි බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේස් නවරත්න සදහන් කළේ.

එම හේතුවෙන් නාවුල අඹන පාලම ගමනාගමන කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හේතුවෙන් අපොස උසස් පෙළ දරුවන්ගේ විභාග කටයුතුවලට බලපෑමක් එල්ල වුවහොත් බෝවතැන්න ජලාශය වේල්ල හරහා ගමන් කිරීමට මාර්ග පහසුකම් සලසන බව බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේස් නවරත්න පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?