“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ජූලි 04 වනදා

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජූලි මස 04 වන දා ආරම්භ කිරීමට නියමිතයි.

මේ සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව, එම කමිටු සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්වුණා.

ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 9 දෙනකුගෙන් සහ පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ගෙන් සමන්විතයි.

කමිටුවේ ලේකම් හා කැඳවුම්කරු වශයෙන් ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කටයුතු කරනවා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, බහුවිධ ප්‍රවේශයක් සහිත සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

රජය යටතේ ක්‍රියාත්මක කරන ජාතික මට්ටමේ වැඩසටහන් 03 අතරින් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සියලුම ජන කොටස් අතර සාධාරණව බෙදී යාම සහතික කිරීමත්, ඉලක්කගත සංවර්ධනයක් ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශ පරිපූර්ණ සංවර්ධනයක් කරා ගෙන යාමත් මෙම වැඩසටහනෙහි අරමුණයි.

ඒ අනුව, මෙරට ක්‍රියාත්මක කරන ලද සහ මේ වන විටත් ක්‍රියාත්මකව පවතින සමාජය සවිබල ගැන්වීමේ ඒකාබද්ධ වැඩසටහන් වෙනස් ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන මඟින් රටේ සියලු මට්ටමේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය ඇතුළු සමස්ත ක්‍රියාවලියට දායක වීමට නව ව්‍යුහ හඳුන්වා දීමට අපේක්ෂිත වනවා.

මෙහිදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යභාරය, ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති සභා පිහිටුවීම ආදී කරුණු සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මේ වන විට මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනකුගෙන් එක් අයකු බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙන අතර, මෙම පිරිසෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වනවා.

මෙම තත්ත්වය අඛණ්ඩව ඉදිරියටත් පැවතීම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන අතර සමාජය සවිබල ගැන්වීම සහ අවදානම් සහගත කණ්ඩායම් පමණක් තෝරාගෙන විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කිරීම මේ යටතේ සිදු වනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?