“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ජූලි 04 වනදා

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජූලි මස 04 වන දා ආරම්භ කිරීමට නියමිතයි.

මේ සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව, එම කමිටු සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්වුණා.

ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 9 දෙනකුගෙන් සහ පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්ගෙන් සමන්විතයි.

කමිටුවේ ලේකම් හා කැඳවුම්කරු වශයෙන් ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන පරිපාලන) කටයුතු කරනවා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින්, බහුවිධ ප්‍රවේශයක් සහිත සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

රජය යටතේ ක්‍රියාත්මක කරන ජාතික මට්ටමේ වැඩසටහන් 03 අතරින් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජයේ සියලුම ජන කොටස් අතර සාධාරණව බෙදී යාම සහතික කිරීමත්, ඉලක්කගත සංවර්ධනයක් ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශ පරිපූර්ණ සංවර්ධනයක් කරා ගෙන යාමත් මෙම වැඩසටහනෙහි අරමුණයි.

ඒ අනුව, මෙරට ක්‍රියාත්මක කරන ලද සහ මේ වන විටත් ක්‍රියාත්මකව පවතින සමාජය සවිබල ගැන්වීමේ ඒකාබද්ධ වැඩසටහන් වෙනස් ප්‍රවේශයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන මඟින් රටේ සියලු මට්ටමේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය ඇතුළු සමස්ත ක්‍රියාවලියට දායක වීමට නව ව්‍යුහ හඳුන්වා දීමට අපේක්ෂිත වනවා.

මෙහිදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යභාරය, ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ ප්‍රජා ශක්ති සභා පිහිටුවීම ආදී කරුණු සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මේ වන විට මෙරට මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයින් 6 දෙනකුගෙන් එක් අයකු බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙන අතර, මෙම පිරිසෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වනවා.

මෙම තත්ත්වය අඛණ්ඩව ඉදිරියටත් පැවතීම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන අතර සමාජය සවිබල ගැන්වීම සහ අවදානම් සහගත කණ්ඩායම් පමණක් තෝරාගෙන විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යොමු කිරීම මේ යටතේ සිදු වනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16