ප්‍රංශයේ ගුවන් තොටුපළකට බෝම්බ බියක් – ඔලිම්පික් කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක්

බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශ භූමියේ පිහිටා ඇති ප්‍රංශ-ස්විස් ජාත්‍යන්තර බාසල්-මල්හවුස් ගුවන් තොටුපළ අද පෙරවරුවේ වසාදමා තිබෙනවා.

කෙසේ වෙතත් දැඩි ආරක්ෂක පරීක්ෂාවකින් පසු පස්වරුවේ එහි ගුවන් ගමනාගමනය යළි ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2024 ඔලිම්පික් සමාරම්භක උත්සවයට පෙර ප්‍රංශයේ අධිවේගී දුම්රිය මාර්ග කිහිපයක ගිනි තැබීම් මාලාවක් වාර්තා වී පැය කිහිපයකට පසු මෙම බෝම්බ තර්ජනය එල්ලවීම ද විශේෂත්වයක්.

පසුගිය වසරේ දී බාසල්-මල්හවුස් ගුවන් තොටුපොළෙන් ගුවන් මගීන් මිලියන අටකට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබෙනවා.

මේ අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙල කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාවන් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලයින් විසින් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට මතුව ඇති තර්ජන හේතුවෙන් ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?