පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 02කට අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලත් බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (14) සවස 01.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (14) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි අකුණු පිළිබද නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ මේ බව සඳහන් කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !