පළාත් හයක සියලු පාසල් අද ඇරඹේ

දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් කල්දැමුණු, පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර අද (16) ආරම්භවනවා.

කෙසේ වෙතත් ආපදා තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක්වූ ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල පාසල් 640ක් අද (16) ආරම්භ වන්නේ නැහැ.

බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල සියලුම රජයේ පාසල් අද දිනයේ ආරම්භ වනවා.

අද (16) ආරම්භ වන පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන අතර, දෙසැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 28 දක්වා නත්තල් නිවාඩු හිමිවනවා.

කෙසේ වෙතත් මුස්ලිම් පාසල්වල දරුවන් සඳහා අද (16) ඇරඹෙන පාසල් වාරය ජනවාරි 02 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර එම පාසල් වලට නත්තල් නිවාඩුවක් හිමිවන්නේ නැහැ.

පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 08 වනදා ආරම්භවීමට නියමිතව තිබුණ ද, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම අද (16) දිනය දක්වා කල් දැමුණා.

පාසල්වල තෙවැනි වාරයේ තෙවැනි අදියර සඳහා දෙසැම්බර් 29 වනදා ආරම්භ කර, දෙසැම්බර් 31 වනදා දක්වා පවත්වා පාසල්වල තෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

මේ අතර අද (16) ආරම්භ නොකෙරෙන පාසල් අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ලබන දිනයකදී ආරම්භ කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?