AFC Banner
AFC Banner
Empty Ad

පළාත් හයකට අද දිනයේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල අද (10) සවස් කාලයේ දී හෝ රාත්‍රීකාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව අද (10) දින දහවල් 12:11ට ආනමඩුව, දඹුල්ල, බෙල්ලනේවල සහ කල්කුඩා යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?