AFC Banner
Empty Ad
Empty Ad

පළාත් පාලන සභික ගණන 4800කට සිමා කිරීමට සීමා නිර්ණය කමිටුවෙන් නිර්දේශයක්

පළාත් පාලන සීමා නිර්ණයට අනුව තෝරාගන්නා සභික සංඛ්‍යාව පිළිබදව අවසන් නිගමනයකට පැමිණ ඇති බව සිමා නිර්ණ කමිටුව පවසනවා.

පළාත් පාලන ආයතනවල මෙතෙක් පැවති මන්ත්‍රී සභික සංඛ්‍යාව 8800ක් වන අතර එය 4800ක් දක්වා අඩුකිරිමටයි එම කමිටුව නිර්දේශ කර තිබෙන්නේ.

ඒ සම්බන්ද අවසන් නිල වාර්තාව පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ඔවුන් බාරදීමට නියමිතයි.

එය පළාත් පාලන නීතියට ඇතුළත් වූ පසුව පළාත් පාලන මැතිවරණයට දැනට නාමයෝජනා දුන් සියල්ල අහෝසි වන අතර යළිත් අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැඳවීමට ද සිදුවන බව පැවසෙනවා.

මේ අතර පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පත්කළ කමිටුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 03 වැනිදා අරලියගහ මන්දිරයේදී රැස් වුණා.

එම කමිටුව නියෝජනය කරන අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු,පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු එම අවස්ථාවට එක්ව සිටියා.

පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනි අවසන් වීමත් සමග මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ස්ථාපිත කෙරුණා.

ප්‍රධාන වශයෙන් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් මෙහි පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සිදුකරනවා.

පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් නැතත්, ඒවායේ මහජන සේවා නියමිත පරිදි පවත්වාගෙන යෑමට සැලසුම් සකස් කිරීම මෙම කමිටුවට පැවරෙන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?