පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්

2023 වසරේ අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් මුදල් අමාත්‍යශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි මේ බව අනාවරණය වුණේ.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව මෙම නඩුවට අදාළ නොතීසි නිකුත් කිරීමට පෙත්සම්කරුවන් විසින් කටයුතු කර නොමැති හෙයින් අදාල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසටයි නීතිපතිවරයා සිය මෝසම තුළින් ඉල්ලීමක් කර ඇත්තේ.

පෙත්සමකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ නීතිපතිවරයා විසින් අදාළ මෝසම ඉතා රහසිගත ආකාරයෙන් ගොනුකර තිබෙන බවත් ඊට අදාළ නොතීසි පවා පෙත්සම්කරු වෙත ලබා දීමට නීතිපතිවරයා කටයුතු කර නොමැති බවටයි.

මෙම පෙත්සමට අදාළව පෙත්සම්කරු මෙන්ම අධිකරණය විසින් ද නොතිසි නිකුත් කර තිබියදී මේ ආකාරයෙන් නීතිපතිවරයාට මෝසමක් ගොනු කිරීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා ඉල්ලා සිටියේ අදාළ මෝසම් සලකා බැලීම සඳහා නියම කරන ලෙසටයි.

ඉන් අනතුරුව අදාල මෝසම සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ජුනි මස 9 වනදා කැදවන ලෙස අධිකරණය නියම කළා.

නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය මාර්තු මස 3 වන දා සලකා බැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසරේ අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?