පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්

2023 වසරේ අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් මුදල් අමාත්‍යශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි මේ බව අනාවරණය වුණේ.

බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව මෙම නඩුවට අදාළ නොතීසි නිකුත් කිරීමට පෙත්සම්කරුවන් විසින් කටයුතු කර නොමැති හෙයින් අදාල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසටයි නීතිපතිවරයා සිය මෝසම තුළින් ඉල්ලීමක් කර ඇත්තේ.

පෙත්සමකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ නීතිපතිවරයා විසින් අදාළ මෝසම ඉතා රහසිගත ආකාරයෙන් ගොනුකර තිබෙන බවත් ඊට අදාළ නොතීසි පවා පෙත්සම්කරු වෙත ලබා දීමට නීතිපතිවරයා කටයුතු කර නොමැති බවටයි.

මෙම පෙත්සමට අදාළව පෙත්සම්කරු මෙන්ම අධිකරණය විසින් ද නොතිසි නිකුත් කර තිබියදී මේ ආකාරයෙන් නීතිපතිවරයාට මෝසමක් ගොනු කිරීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා ඉල්ලා සිටියේ අදාළ මෝසම් සලකා බැලීම සඳහා නියම කරන ලෙසටයි.

ඉන් අනතුරුව අදාල මෝසම සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ජුනි මස 9 වනදා කැදවන ලෙස අධිකරණය නියම කළා.

නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය මාර්තු මස 3 වන දා සලකා බැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසරේ අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27