පළාත් පාලන ඡන්දයට සියල්ල සූදානම්.. ඡන්දය පැවැත්වෙන දිනය මෙන්න

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජිකයන්, ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය. විශේෂ කාරක සභාව 2021.12.08 පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර එහිදී කරුණු ඉදිරිපත් කළේ මැතිවරණ කොමිසමේ නිලධාරින්ය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස 4කට පමණ පෙර, ඊට සුදානම් වීම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, වෙනසක් නොමැතිව, පවතින නීතිමය තත්ත්වය යටතේ ම පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නම්, 2022 ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බවයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරීස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා , විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, එම්.යු.එම්.අලි සබ්රි යන අමාත්‍යවරුන් සහ ජීවන් තොන්ඩමන්, රවුෆ් හකීම්, අනුර දිසානායක, කබීර් හෂීම්, ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුන්ය.

විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර මහත්මිය සඳහන් කළේ කාරක සභාව යළිත් දෙසැම්බර් 20 වනදා රැස්වීමට නියමිත බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?