පළාත් පාලන ඡන්දයට සියල්ල සූදානම්.. ඡන්දය පැවැත්වෙන දිනය මෙන්න

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි සාමාජිකයන්, ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය. විශේෂ කාරක සභාව 2021.12.08 පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර එහිදී කරුණු ඉදිරිපත් කළේ මැතිවරණ කොමිසමේ නිලධාරින්ය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස 4කට පමණ පෙර, ඊට සුදානම් වීම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, වෙනසක් නොමැතිව, පවතින නීතිමය තත්ත්වය යටතේ ම පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නම්, 2022 ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බවයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්.පීරීස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා , විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, එම්.යු.එම්.අලි සබ්රි යන අමාත්‍යවරුන් සහ ජීවන් තොන්ඩමන්, රවුෆ් හකීම්, අනුර දිසානායක, කබීර් හෂීම්, ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ.සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුන්ය.

විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර මහත්මිය සඳහන් කළේ කාරක සභාව යළිත් දෙසැම්බර් 20 වනදා රැස්වීමට නියමිත බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56