පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනි වර හා තෙවැනි වර කියැවීම විශේෂ බහුතරයකින් සම්මත වුණා.

ඒ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වූ දෙවැනි වර කියැවීමේ අවස්ථාවෙන් පසුව එළඹුණු ඡන්ද විමසීමේදියි.

දෙවැනි වර කියවීමේ දී ඊට පක්ෂ ව ඡන්ද 187ක් ලැබුණු අතර විපක්ෂ ව කිසිදු ඡන්දයක් හිමිවුණේ නැහැ.

එමෙන්ම මෙම පනතට ඡන්දය ලබා නොදුන් මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේ නොසිටීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීමක් ද සිදු කෙරුණු අතර එහිදී මෙම පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 158ක් හිමිවුණා.

විපක්ෂ ව ඡන්ද හිමි නොවූ අතර ඡන්දය දීමෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු වැළකී නොසිටි බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.

එම ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තෙවැනි වර කියවා, සංශෝධන රහිත ව විශේෂ බහුතරයකින් සම්මත වුණා.

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව කතානායකවරයා පසුගියදා (14) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33