පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනි වර හා තෙවැනි වර කියැවීම විශේෂ බහුතරයකින් සම්මත වුණා.

ඒ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වූ දෙවැනි වර කියැවීමේ අවස්ථාවෙන් පසුව එළඹුණු ඡන්ද විමසීමේදියි.

දෙවැනි වර කියවීමේ දී ඊට පක්ෂ ව ඡන්ද 187ක් ලැබුණු අතර විපක්ෂ ව කිසිදු ඡන්දයක් හිමිවුණේ නැහැ.

එමෙන්ම මෙම පනතට ඡන්දය ලබා නොදුන් මන්ත්‍රීවරයෙකු ද පාර්ලිමේන්තුවේ නොසිටීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත තුන්වැනි වර කියැවීමේ ඡන්ද විමසීමක් ද සිදු කෙරුණු අතර එහිදී මෙම පනත් කෙටුම්පතට පක්ෂ ව ඡන්ද 158ක් හිමිවුණා.

විපක්ෂ ව ඡන්ද හිමි නොවූ අතර ඡන්දය දීමෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු වැළකී නොසිටි බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.

එම ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තෙවැනි වර කියවා, සංශෝධන රහිත ව විශේෂ බහුතරයකින් සම්මත වුණා.

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව කතානායකවරයා පසුගියදා (14) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?