Empty Ad
AFC Banner
Empty Ad

පළාත් කිහිපයක අහස අදත් කළු වන ලකුණු

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් වාර්තා වනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණික ව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?