AFC Banner
Empty Ad
Empty Ad

පළාත් කිහිපයකට අද මිනිස් සිරුරට දැනෙන උණුසුමක්

කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (03) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අද (03) දිනයේ දී වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර යන පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය අවධානයට යොමුකළ යුතු මට්ටමක (මිනිස් සිරුරටට දැනෙන්න මට්ටමේ) පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?