පළාත් අතර ගමන් කරන අයට නිවේදනයක්

ඊයේ (01) දිනයේ සිට ආරම්භ වූ පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පමණක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවසා සිටිනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ පළාත් අතර පවතින  සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එසේ නොමැතිව පැමිණෙන සියලු දෙනාව පළාත් අතර ඇති හුවමාරු ස්ථානයන්වලදී පොලිස් විසින් නවතා ගනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

රාජකාරී කටයුතු සඳහා යන පිරිස් හට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට සුදානම් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසා සිටිනවා.

අද (02) දිනයේ සිට සාමාන්‍ය පරිදි සියලු රාජ්‍ය සේවකයන් නැවත සේවයට කැඳවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් පනවා තිබූ නිවසේ සිට රාජකාරි කිරීම හා සීමිත කාර්ය මණ්ඩල ක්‍රමයට අදාළ සියලු චක්‍රලේඛ ද මෙමඟින් අහෝසි වී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?