20-20 ලෝක කුසලානයේ ඕමානය සහ සිම්බාබ්වේ තරගය නොමිලේ නරඹන්න අද අවස්ථාව

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග තුනක් අද (09) පැවැත් වෙනවා.

ඒ, අනුව අද දිනයේ පැවැත්වෙන පළමු තරගය ලෙස ඉතාලිය සහ ස්කොට්ලන්ත අතර තරගය ඉන්දියාවේ කොල්කටාහි දී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය අද (09) පෙරවරු 11.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන දෙවන තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඕමානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ වනවා.

එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ, අනුව එස්.එස්.සී ක්‍රීඩාංගණයේ අංක 5 සහ 7 ගේට්ටු මඟින් ප්‍රේක්ෂකයින්ට තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩාංගනයට පිවිසීමේ හැකියාව හිමිවනවා.

මේ අතර කැනඩාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වෙන අතර, එම තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29