වනිඳුට MRI ස්කෑන් පරීක්ෂණයක් – දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට කැඳවීමක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ඊයේ (08) පැවති පළමු තරගයේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ අබාධයකට ලක් වුණා.

ඔහුගේ වම් පාදයේ කලවා මාංශ පේශි ආබාධයකට ලක්ව ඇති අතර, ඔහුව අද MRI ස්කෑන් පරීක්ෂණයකට යොමුකට එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ලබන 12 වනදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය සඳහා වනිඳු හසරංග කණ්ඩායම සමඟ නොයන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

ඔහුට වෛද්‍ය අනුමැතිය සහ විශේෂඥයින්ගේ වැඩිදුර උපදෙස් බලාපොරොත්තුවෙන් සිටීම මීට හේතු වී තිබෙනවා.

මේ අතර දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මහනුවරට යනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ආබාධයකට ලක්ව සිටින හසරංග වෙනුවට ආදේශ කිරීමට වෙනත් ක්‍රීඩකයෙකු තෝරා ගන්නේ නම් ICC තරඟාවලි රෙගුලාසි යටතේ, ICC තාක්ෂණික කමිටුව විසින් අදාළ අනුමැතිය දිය යුතු වනවා.

යම් හෙයකින් හසරංගට ඉවත්වීමට සිදුවූහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල වනු ඇති අතර, දුෂාන් හේමන්ත සහ පාදඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ යන දෙදෙනාගෙන් එක් අයෙකු ඔහු වෙනුවට තෝරා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14