පළමු විස්සයි විස්සෙන් සුපිරි ජයක් – තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

සංචාරක නවසීලන්තය සමඟ පැවති පළමු 20-20 තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (09) රාත්‍රියේ හැකියාව ලැබුණා.

නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය ජයගත්තේ කඩුලු හතරකින්.

‍රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී නවසිලන්තයට පන්දුවාර 19යි පන්දු 03කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

අනතුරුව ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව; 19 වන පන්දුවාරයේ අවසන් පන්දුවට දුනිත් වෙල්ලාලගේ එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ අදාළ ඉලක්කය පදුකර යමින් තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා ජයග්‍රාහි ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස් කළා.

මෙම ජයග්‍රහණය නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව වාර්තා කළ 10 වන විස්සයි විස්ස තරග ජයග්‍රහණය වනවා.

මේ අතර ඊයේ ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 01ට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

මේ අතර ඊයේ පැවති තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 23ක් රැස්කළ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු රැසකළ පිතිකරු බවට පත් වුණා.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටි පිතිකරුවා බවට හිටපු ක්‍රීඩක තිලකරත්ත ඩිල්ෂාන් පත්ව සිටියේ ලකුණු 1889ක් රැස්කරගනිමින්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන විස්සයි විස්ස තරගය අද (10) දඹුල්ලේ දී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08