පළමු දිනයේදී ම කැන්ගරුවන්ගේ ඉනිම සවිමත්

වෝර්න් – මුරලි ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් දිනයේ අවසන් භාගයේ දී හෝරාවකට පමණ පෙරාතුව නතර කරනු ලැබුවා.

ඒ අනුව තරගයේ පළමු දිනය වන අද (29) දිනය නිමාවන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව ලකුණු 330ක්.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ නායක ස්ටීවන් ස්මිත් සමගින් උස්මන් කවජා.

ස්ටීවන් ස්මිත් සහ කවජා දෙදෙනා ම ටෙස්ට් ශතක රැස් කරගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණු සබඳතාව ලකුණු 195ක්.

උස්මන් කවජා නොදැවී ලකුණු 147ක් සහ ස්මිත් නොදැවී ලකුණු 104ක් ලබා සිටිනවා.

මේ අතර ලොව ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසුකර ගිය 15 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට ස්ටීවන් ස්මිත් අද සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනයේ දී බිඳ දැමූ කඩුලු දෙකෙන් එකක් ප්‍රභාත් ජයසූරියට සහ ජෙෆ්‍රි වැන්ඩර්සේ හට හිමි වුණා.

හෙට (30) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?