AFC Banner
AFC Banner
Empty Ad

පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම දිමුත් පහදයි

නවසීලන්ත කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගට අනිද්දා (09) ක්‍රයිස්ට්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, මාර්ග ගත ක්‍රමය ඔස්සේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන්නේ මාස අටකට පසු බවයි.

එය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

පළමු තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ එක් දඟ පන්දු යවන්නෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසුවේ.

පළමු තරගයේ දී වේග පන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් තණ තීරුව පරීක්ෂාකර බලා අවසන් කණ්ඩායම තීරණය කරන බවත් දිමුත් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා සංචිතයට අවසන් මොහොතේ ඇතුළත් වූ නිශාන් මධුෂ්ක සම්බන්ධයෙන් ද දිමුත් මෙහිදී අදහස් දක්වා සිටියා.

මුල්පෙළ පිතිකරුවෙක් වන නිශාන් මේ වනවිට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක් බව පැවසූ දිමුත්, මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් මුල්පෙළ පිතිකරුවන් ද දක්ෂතා අතර සිටින බවත් සඳහන් කර සිටියා.

ඒ, අනුව කණ්ඩායමේ සංයුතිය හා සැසදීමේ දී නිශාන් මධුෂ්කට පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව ඉතා අඩු මට්ටමක පවතින බවයි දිමුත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?