පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම දිමුත් පහදයි

නවසීලන්ත කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගට අනිද්දා (09) ක්‍රයිස්ට්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, මාර්ග ගත ක්‍රමය ඔස්සේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වන්නේ මාස අටකට පසු බවයි.

එය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

පළමු තරගය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ එක් දඟ පන්දු යවන්නෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසුවේ.

පළමු තරගයේ දී වේග පන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් තණ තීරුව පරීක්ෂාකර බලා අවසන් කණ්ඩායම තීරණය කරන බවත් දිමුත් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා සංචිතයට අවසන් මොහොතේ ඇතුළත් වූ නිශාන් මධුෂ්ක සම්බන්ධයෙන් ද දිමුත් මෙහිදී අදහස් දක්වා සිටියා.

මුල්පෙළ පිතිකරුවෙක් වන නිශාන් මේ වනවිට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙක් බව පැවසූ දිමුත්, මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් මුල්පෙළ පිතිකරුවන් ද දක්ෂතා අතර සිටින බවත් සඳහන් කර සිටියා.

ඒ, අනුව කණ්ඩායමේ සංයුතිය හා සැසදීමේ දී නිශාන් මධුෂ්කට පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව ඉතා අඩු මට්ටමක පවතින බවයි දිමුත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46