පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට – දෙවැනි එක්දින තරගය නොවැම්බර් 17 වැනිදා

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු එක්දින තරගය ලකුණු 45කින් ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගය ඊයේ (13) පස්වරුවේ දිවා – රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට හිමිකර දෙමින්.

ඒ අනුව අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

සිය නායකයාගේ තීරණයට සර්ව සාධාරණයක් පිත්තෙන් ඉටු කිරීමට ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩකයින්ට හැකි වූ අතර එහිදී එක්දින තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ ඉහළතම සබඳතාව ද අලුතින් ලියාගන්නටයි ඔවුන් සමත් වුණේ.

කාගෙත් පැතුම වූ පැතුම් නිස්සංකට නම් ඊයේ දිනය එතරම් සුබ නොවුණේ ඔහු ඩෆීගේ පන්දුවක් හමුවේ ලකුණු 12කට දැවී යාමත් සමගින්.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සිය සගයා වූ අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 206ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගුවේ 2006 වර්ෂයේ දී උපුල් තරංග සහ සනත් ජයසූරිය එක්ව තබා තිබූ ලකුණු 201 සබඳතාව බිඳ දමමින්.

අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර එක්දින පිටියේ සිව්වැනි ශතක ලබාගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ඉෂ් සොදිගේ පන්දුවක් හමුවේ ලකුණු 100කට දැවී යද්දී කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඩෆීගේ පන්දුවක් හමුවේ ලකුණු 143ක් අතැතිව සිටියදියි.

මෙවරත් තුන්වැනි කඩුල්ලට පිටියට ආ සදීර සමරවික්‍රමට සාර්ථක වීමට ඉඩ නොලැබුණු අතර නායකත්ව ඉනිමක් ප්‍රවේගකාරී අයුරින් ක්‍රීඩා කරමින් චරිත් අසලංක පන්දු 28 ලකුණු 40ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 03ක් ද සමගින්.

අසලංක ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 324ක් පන්දුවාර 49කුත් පන්දු 02ක් අවසානයේ තිබියදී දැවී යද්දී යළිත් ඇදහැලුණු වර්ෂාපතනය තරගයේ ජයග්‍රාහී ලකුණු ඉලක්කය ඩක්වත් ලුවිස් න්‍යායයට තීරණය කළා.

නවසීලන්තය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී ජැකොබ් ඩෆී කඩුලු 03ක් සහ බ්‍රේස්වල් සහ සොදි එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව නවසීලන්තයට ලැබුණු ඉලක්කය වූයේ පන්දුවාර 27කට ලකුණු 221ක් හඹා යෑමයි.

නවසීලන්ත ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ විල් යන්ග් සහ ටිම් රොබින්සන්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනැගුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් ගෙන දෙමින්.

තීක්ෂණ යොමු කළ පන්දුවකට රොබින්සන් ලකුණු 35කටත් විල් යන්ග් ලකුණු 48කටත් දැවී ගියා.

මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 34යි.

කඩුලු බිඳ දැමීමේ දී ඩිල්ෂාන් මධුෂංක කඩුලු 03ක්, මහීෂ් තීක්ෂණ හා චරිත් අසලංක කඩුලු 02ක් සහ වැන්ඩර්සේ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පන්දුවාර 27 අවසානයේ දී කඩුලු 09ක් දැවී නවසීලන්තයට ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් විසින් දිනාගනු ලැබුවා.

දෙරට අතර දෙවැනි එක්දින තරගය නොවැම්බර් 17 පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?