පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට – දෙවැනි එක්දින තරගය නොවැම්බර් 17 වැනිදා

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් පළමු එක්දින තරගය ලකුණු 45කින් ඩක්වත් ලුවිස් න්‍යායයට අනුව ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගය ඊයේ (13) පස්වරුවේ දිවා – රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට හිමිකර දෙමින්.

ඒ අනුව අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

සිය නායකයාගේ තීරණයට සර්ව සාධාරණයක් පිත්තෙන් ඉටු කිරීමට ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩකයින්ට හැකි වූ අතර එහිදී එක්දින තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ ඉහළතම සබඳතාව ද අලුතින් ලියාගන්නටයි ඔවුන් සමත් වුණේ.

කාගෙත් පැතුම වූ පැතුම් නිස්සංකට නම් ඊයේ දිනය එතරම් සුබ නොවුණේ ඔහු ඩෆීගේ පන්දුවක් හමුවේ ලකුණු 12කට දැවී යාමත් සමගින්.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සිය සගයා වූ අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව ලකුණු 206ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගුවේ 2006 වර්ෂයේ දී උපුල් තරංග සහ සනත් ජයසූරිය එක්ව තබා තිබූ ලකුණු 201 සබඳතාව බිඳ දමමින්.

අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර එක්දින පිටියේ සිව්වැනි ශතක ලබාගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ඉෂ් සොදිගේ පන්දුවක් හමුවේ ලකුණු 100කට දැවී යද්දී කුසල් මෙන්ඩිස් දැවී ගියේ ඩෆීගේ පන්දුවක් හමුවේ ලකුණු 143ක් අතැතිව සිටියදියි.

මෙවරත් තුන්වැනි කඩුල්ලට පිටියට ආ සදීර සමරවික්‍රමට සාර්ථක වීමට ඉඩ නොලැබුණු අතර නායකත්ව ඉනිමක් ප්‍රවේගකාරී අයුරින් ක්‍රීඩා කරමින් චරිත් අසලංක පන්දු 28 ලකුණු 40ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 03ක් ද සමගින්.

අසලංක ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 324ක් පන්දුවාර 49කුත් පන්දු 02ක් අවසානයේ තිබියදී දැවී යද්දී යළිත් ඇදහැලුණු වර්ෂාපතනය තරගයේ ජයග්‍රාහී ලකුණු ඉලක්කය ඩක්වත් ලුවිස් න්‍යායයට තීරණය කළා.

නවසීලන්තය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී ජැකොබ් ඩෆී කඩුලු 03ක් සහ බ්‍රේස්වල් සහ සොදි එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව නවසීලන්තයට ලැබුණු ඉලක්කය වූයේ පන්දුවාර 27කට ලකුණු 221ක් හඹා යෑමයි.

නවසීලන්ත ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ විල් යන්ග් සහ ටිම් රොබින්සන්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් ගොඩනැගුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් ගෙන දෙමින්.

තීක්ෂණ යොමු කළ පන්දුවකට රොබින්සන් ලකුණු 35කටත් විල් යන්ග් ලකුණු 48කටත් දැවී ගියා.

මයිකල් බ්‍රේස්වෙල් නොදැවී ලකුණු 34යි.

කඩුලු බිඳ දැමීමේ දී ඩිල්ෂාන් මධුෂංක කඩුලු 03ක්, මහීෂ් තීක්ෂණ හා චරිත් අසලංක කඩුලු 02ක් සහ වැන්ඩර්සේ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පන්දුවාර 27 අවසානයේ දී කඩුලු 09ක් දැවී නවසීලන්තයට ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් විසින් දිනාගනු ලැබුවා.

දෙරට අතර දෙවැනි එක්දින තරගය නොවැම්බර් 17 පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25