පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා.

ඒ අනුව නායක චරිත් අසලංක තීරණය කළේ පන්දුවට පළමු ව පහරදීමටයි.

තරගය අද පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දි ආරම්භ කෙරෙනවා.

අද තරගයට පිතිකරණ බලඇණියට පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ සහ වනිඳු හසරංග එක් ව සිටිනවා.

දඟ පන්දු යවන්නන් ලෙස වනිඳු, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ එක් ව ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස එෂාන් මාලිංග සමගින් අසිත ප්‍රනාන්දු එක් ව සිටිනවා.

අද දෙරට අතර පැවැත්වෙන්නේ 105 වැනි එක්දින ක්‍රිකට් තරගයයි.

ඔස්ට්‍රෙලියාව මෙතෙක් ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරග 104න් 64ක් ජයගෙන ඇති අතර 36ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව එම තරගවලින් ද තරග 18ක් ද ඔස්ට්‍රෙලියාව තරග 36ක් ද සිය උපන් බිමේ දී ජයගෙන තිබීම කැපී පෙනෙනවා.

ඔස්ට්‍රෙලියාව සිය මව්බිමෙන් එපිට එක්දින තරග 15ක් ද ශ්‍රී ලංකාව එක්දින තරග 16ක් ද ජයගෙන තිබෙනවා.

එබැවින් ඔස්ට්‍රෙලියාවට සිය මව්බිමෙන් පිටත දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණයට ලැබෙන තවත් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.

දෙරට අතර අවසන් වරට එක්දින තරගාවලියක් පැවැත්වුණේ 2022 වසරේදීයි.

එම එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 3-2ක් ලෙස ජයගත්තා.

අද තරගයේ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන අතර ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රෙලියාව හසුරවනු ලබනවා.

තරගාවලිය එක්දින තරග ද්විත්වයකින් සමන්විතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16