AFC Banner
Empty Ad
Empty Ad

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද (02) දහවල් 2.30ට මෙම තරගය ඇරඹෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනූ නායක කුසල් මෙන්ඩිස් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි ව ඇති අතර නායක රෝහිත් ෂර්මා ඉන්දීය බලඇණිය මෙහෙයවනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වනවිට ජාත්‍යන්තර එක්දින තරග 168ක් පවත්වා තිබෙනවා.

එහි තරග 99ක ම ජය හිමි ව ඇත්තේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමටයි.

තරග 57ක ජය ශ්‍රී ලංකාව සතුව තිබෙනවා.

සෙසු තරග දෙක වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇති බවයි ක්‍රිකට් නිල වෙබ් අඩවි දක්වා ඇත්තේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු දෙදෙනකු තරගාවලියට ම එක් වන්නේ නැහැ.

ඒ මතීෂ පතිරණ සමගින් ඩිල්ෂාන් මධුෂංක.

ඔවුන් දෙදෙනා ආබාධයන්ට ලක් වීම හේතුවෙන් මොහොමඩ් ෂිරාස් සහ එෂාන් මාලිංග හට ජාත්‍යන්තර එක්දින වරම් අද දින හිමිවනු ඇති.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි, ශ්‍රෙයාර්ස් අයියර්, කේ.එල්. රාහුල් ද එක් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?