පහළ කඩුගන්නාවේ නායයෑම සිදු වූ ස්ථානය RDA නිලධාරීන්ගේ නිරීක්ෂණයට

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පෙරේදා (22) නායයෑම සිදු වූ ස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් අද (24) දිනයේ නිරීක්ෂණය කළා.

මේ අතර නාය යෑම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් කොළඹ – නුවර මාර්ගයේ මහනුවර දෙසට මාර්ගයේ කොටසක් ඊයේ (23) ගිලාබැසීමට ලක්ව තිබුණා.

එලෙස ගිලාබැසීමට ලක්ව තිබූ ස්ථානය පිළිසකර කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අද (24) පෙරවරුවේ ආරම්භ කළා.

මේ අතර කොළඹ – මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තවදුරටත් වසා දමා තිබෙනවා.

කඩාවැටුණු පාෂාණ කොටස් ඉවත් කර මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරගන්නා තෙක් එම මාර්ගය වසා තබන බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස සඳහන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?